News

පාස්කු අවි පුහුණුවට පුද්ගලයන් රැගෙන ගිය වෑන් රථය සොයාගෙන

 

පාස්කු ඉරුදින එල්ල කළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පවත්වාගෙන යනු ලැබූ අවි පුහුණු කඳවුරට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් වෑන් රථය සොයාගෙන ඇත.

ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් වන එය පොලීසිය විසින් ඊයේ (22) සොයාගෙන තිබුනා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රම් විසින් නුවරඑළිය පුහුණු කඳවුරට පුද්ගලයින් ප්‍රවාහනය කළ වෑන් රථයක් බවට එය හඳුනාගෙන ඇත.

අක්කරේපත්තුව පොලිස් වසමේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට පසුගිය මාසයේ එම වෑන් රථය අලෙවිකර තිබුනා.

මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (22) එම රථය සොයාගෙන කාත්තන්කුඩි පොලීසියට භාරදී තිබුණි.

මෙම වෑන් රථය නුවර ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක මාස තුනක කාලයක් තබා තිබුනද අලෙවි වී නැති බැවින් සැප්තැම්බර් මස සමන්තුරේ ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක් වෙත ගෙනැවිත් දමා තිබුනා.

එහිදී සැප්තැම්බර් මස 04 වනදා රථයේ වර්තමාන හිමිකරු එය මිලදී ගෙන තිබෙනවා.