News

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලංකාවේ තිදෙනකුට ඇමරිකාව නඩු දමයි

2019 වසරේ අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණයකින් අධි චෝදනා ගොනුකර තිබේ.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණයෙන් එම අධි චෝදනා ගොනුකර තිබෙනවා.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ‘ ඒ අනුව මොහමඩ් නූෆර්, මොහොමඩ් අන්වර්, අහමඩ් මිල්හාන් යන පුද්ගලයින් තිදෙනාට මෙම චෝදනා එල්ල වී ඇති බවයි.