News

කොවිඩ් ආසදිතයා පැන ගිහින්

 

 

නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී ආසදිතයකු වශයෙන් හඳුනාගත් පුද්ගලයකු නිවසසින් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සම්බන්ධයෙන් කළ PCR පරික්ෂාවේදී එම පුද්ගලයා ආසාදිත බව හඳුනා ගෙන තිබේ . ප්‍රතිපල ලැබෙන තෙක් නිරෝධායනයේ සිටි එම පුද්ගලයා රෝගියකු බව හඳුනා ගැනීමෙන් පසු නිවසින් පලාගොස් ඇති බව පැවසෙනවා.

නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙක් වන ඔහු සොයා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. මෙලෙස පලාගිය පුද්ගලයා සපුගස්කන්ද, මාකොල උතුර, දේවාල පාර ලිපිනයේ ඔහු පදිංචිව සිට තිබූ බව පොලීසිය සඳහන් කරනවා.

ඡායාරූපයේ දැක්වෙන මොහු සම්බන්ධ තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකථන අංක – පොලිස් ස්ථානාධිපති සපුගස්කන්ද – 071 8591599/ 011 2400315 හෝ හදිසි ඇමතුම් අංශය – 011 2 433333/119