News

පැන ගිය ලෙඩාගෙන් කොවිඩ් බෝවෙන්නේ නෑ

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයාගෙන් රෝගය පැතිරීමේ තත්ත්වයක් නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම රෝගියාගේ ප්‍රතිදේහ පරීක්ෂාවක් සහ තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදු කළ බවත් එම වාර්තා සලකා බැලීමේ දී රෝගය සුව වන තත්ත්වයක් දක්නට ලැබුණු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මේ නිසා ​රෝගියා ගමන් කර ඇති ප්‍රදේශවල ජනතාව බිය නොවිය යුතු බව ඔහු අවධාරණය කරයි. කොවිඩ් ආසාදිතයන් රඳවා ඇති රෝහල්වල මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

උදයජීව ඒකනායක