News

පිළිකා නාමික ඖෂධ හිඟයක්

දිවයින පුරා පිළිකා රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට නාමිකව ලබාදෙන ඖෂධවල හිඟයක් ඇති බව වාර්තා වෙයි.

මහරගම අපේක්ෂා රෝහල, බදුල්ල, කරාපිටිය සහ මහනුවර මහ රෝහල්වල පිළිකා ප්‍රතිකාර ඒකකවල මෙලෙස ඖෂධ හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීම නිසා ඉන්දියාවෙන් පිළිකා ඖෂධ ආනයනය කිරීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය දක්නට ලැබෙයි.

මෙම ඖෂධ හිඟය පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගෙන් විමසූ විට ඔහු පැවසුවේ මේ පිළිබඳ අද (18) දිනයේදී කරුණු ඉදිරිපත් කළ හැකි බවයි. පිළිකා රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් විසින් වෙන් වෙන් වශයෙන් නිර්දේශ කරන ඖෂධ, නාමික පිළිකා ඖෂධ ලෙස හැඳින්වෙයි.

 

උදයජීව ඒකනායක