News

පුද්ගල ඝාතනයකට පස්දෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයින් පස්දෙනෙකුට අද (15) මරණ දඩුවම නියම විය.

ඒ හෝමාගම මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුවය.

2009 වසරේදී හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක්ව කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වරදකරුවන් වූ පුද්ගලයින් පස්දෙනෙකුට මෙලෙස මරණ දඩුවම නියම විය.