News

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට අනුර මනතුංග

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර තිබේ.

එහි වර්තමාන අධ්‍යක්ෂක ජනරාල් ධුරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, එම තනතුර සඳහා අනුර මනතුංග මහතා පත්කෙරේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් වන ඔහු විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද වනවා.

මේ අනුව මනතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ලබන ජනවාරි පළමුවන දා සිට පත්වනු ඇති.