නවතම ප්‍රවෘත්ති

පුරාවිද්‍යා බිමේ කෝවිලක් හදන්න දෙන්නැයි වවුනියාවේ විරෝධතා

වවුනියාව නෙඩුන්කේනි වෙඩුක්කනාරි පුරාවිද්‍යා ස්මාරක සහිත ගල් කන්දේෙ ශිව කෝවිලක් සකස් කිරීමට ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් එම ප්‍රදේශයේ ජනතාව ඊයේ (21) නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ අදාළ පුරාවිද්‍යා බිම තුළ පැරණි ශිව කෝවිලක් පැවති බවත් වර්තමානයේදී එම ස්ථානය පුරාවිද්‍යා බිමක් ලෙස පවසා අදාළ ස්ථානයට ඇතුළුවීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තහනම් කර ඇති බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් විමසීමේදී පැවසූවේ වෙඩුක්කනාරි කන්ද සෙල් ලිපි පවතින පැරණි බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් වන බැවින් අදාළ ස්ථානයේ නව ඉදිකිරීම් වෙනුවෙන් අවසරය ලබාදීමේ හැකියාවක් නොමැති බවයි.

වෙඩුක්කනාරි කන්ද තුළ ශිව කෝවිලක් සැකසීමට අනුමැතිය ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් ජනාධිපතිවරයා වෙත සහ වවුනියාව නෙඩුන්කේනි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමටද විරෝධතාකරුවෝ කටයුතු කළහ.