News

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් චෝදනා

 

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුල විදේශ භාෂාවන් ඉගැන්වීම මගින් මේ වන විට ප්‍රධාන භාෂාවන් ඉගැන්වීම යටපත් වී ඇතැයි පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරනවා.

මෙහි දී උන්වහන්සේ වැඩිදරටත් සඳහන් කර සිටින්නේ පුද්ගලිකත්වය මත පදනම් ව ආචාර්යවරුන් බඳවාගැනීම තුළින් මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතු ව ඇති බවයි.

විශ්වවිද්‍යාලයේ මතුවී ඇති ගැටලු පිළිබඳව වන විමර්ශන වාර්තාව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙත පිළිගැන්වීම අධ්‍යාපන අමාතයාංශයේ දී ඊයේ දින (08) සිදුකළා.

ඒ පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමියන් ඇතුලු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්.