News

පූජිත් කියනදේ අහන්න මෛත්‍රී කොමිසමට එයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ සිය නීතිඥවරයා සමග අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ කොමිසමේ සාක්ෂි සදහා සවන්දීමටය.

මේ අතර හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ ලබාදීම සදහා අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.