පෘෂ්ඨ මත සක්‍රියව පවතින වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන සැනිටයිසර් දියරයක්
කොවිඩ් 19 වෛරසය ඇතුලු පෘෂ්ඨ මත සක්‍රියව පවතින සියලුම වෛරස් සහ බැක්ටීරියා විනාශ කළ හැකි නව විෂබීජානුහරණ දියරයක් (sanitizer) හදුන්වාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනෙකු සමත් වී තිබේ.
පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ ආචාර්ය ප්‍රසංග ගයනාත් මන්තිලක සහ ඖෂධවේදය පිලිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංග දිසානායක එක්ව මෙම නව විෂබීජානුහරණ දියරය (sanitizer)හදුන්ව දිී ඇත.
එය පරිසර අමාත්‍ය මහින්ද අමරවී වෙත ඊයේ(15) පිළිගන් වනු ලැබීය.
දැනට භාවිත කරන විෂබීජානුහරණ දියර (sanitizer) සියල්ලම ඇල්කොහොල් මාධ්‍ය කර ගනිමින් සකස් කරන ලද නිෂ්පාදන වන අතර සීග්‍රයෙන් වාෂ්පීකරණයට ලක්වේ.
එහෙත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යයවරුන් දෙදෙනා විසින් හදුන්වාදී ඇති මෙම නව විබිීජානුහරණ දියරය ඇල්කොහොල් වලින් තොර 90%කම ජලය මාධ්‍ය කර ගත් නිෂ්පාදනයක් බව පරිසර අමාත්‍යංශය සදහන් කරයි.
පරිසර හිතකාමී මෙම නව විෂබීජානුහරණ දියරයේ ඇති විශේෂත්වය වන්නේ එය එක් වරක් කිසියම් පෘෂ්ඨයක් මතට යෙදුවහොත් එය දින 28ක් සක්‍රියව පවතිමින් කවර විෂබිජයක් වුවද විනාශ කළ හැකි තරම් ක්‍රියාශීලි විමයි.
දැනට භාවිතා කරන විෂබීජානුහරණ දියර වර්ග හෙවත් සැනිටයිසර් වර්ග සියල්ලම සීග්‍ර වාෂ්පීකරණ ද්‍රව්‍යවලින් නිපදවා ඇති බැවින් ඒවායේ සක්‍රියතාවය පවතින්නේ කෙටි කාලයක් පමණයි.
එහෙත් මෙම නව විෂබීජනාශකය යෙදුව පසු අදාල පෘෂ්ඨය අවස්ථා කිහිපයක් සෝදා පිරිසිදු කළ ද පළමුව යෙදු විෂබිජ නාශකයේ ගුණය විනාශ නොවන බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවයි පරිසර අමාත්‍යංශය සදහන් කළේය.
