නවතම ප්‍රවෘත්ති

පෙර පාසලේ සිටම ලිංගික අධ්‍යාපනය!

පෙර පාසලේ ඉදලා උසස් පෙළ වෙනකම්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කරන්න පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්වයි.

අධ්‍යාපන අමාත්‍යංශය මෙම වඩසටහන සඳහා ඒකාබද්ධ කරගැනීම අත්‍යාවශ්‍ය වුවත් දරුවන්ට බෙදාහැරිය යුතු පොත් සකස් කිරීමේ කටයුතු මේ දක්වා අවසන් කිරීමට අමාත්‍යංශයට නොහැකිවීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සඳහා සම්බන්ධ කරගෙන තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය හා ඒකාබද්ධව විෂය නිර්දේශ සකස් අවසන්ව තිබුණත් එම විෂය නිර්දේශ අනුව පොත් සකස් කිරීම භාරගෙන තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය විසින්.

අමාත්‍යංශය විසින් එම වගකීම මෙතෙක් ඉටුකර නොමැති නිසා සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංසදයේ සභාපතිනි පර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පැවසුවා. විෂය නිර්දේශයට අනුව සකස් කළ නිර්මාණ එදින අන්තර්ජාලයට ඇතුලත් කරන බවත් සභාපතිනිය තවදුරටත් ප්‍රකාශ කළා…

 

මූලාශ්‍රය : සති අග අරුණ පුවත්පත

සටහන: දිල්මිකා අත්තනායක.