News

පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුටත් කොවිඩ්

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සදහන් කළේ හලාවත ප්‍රදේශයේ සිට කොළඹ පොත් ප්‍රදර්ශනයට පැමිණි වයස අවුරුදු 36ක පුද්ගලයෙකුට මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

මෙම ආසාදිතයා පසුගිය 23 වනදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණ ඇති බව එම මෙහෙයුම් මධ්‍යස්ථානය සදහන් කරයි.

එම පුද්ගලයා පසුගිය 30 වැනිදා කොළඹ සිට නුවරඑළිය දක්වා ද ගොස් ඇත බවට තොරතුරු වාර්තා වේ.