News

පොල් වලින් මතු වූ හෙරොයින්

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙක් මොරගහහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව හෙරොයින් ග්‍රෑම් 500ක් සොයාගෙන ඇති අතර ඒවා ඉතා ක්ෂූම ලෙස පොල් ගෙඩි තුළ සඟවා ප්‍රවාහනය කරමින් සිට ඇත.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිටවීමේ දොරටුව අසල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

හොරණ කුඩා උඩුව ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී යතුරුපැදියෙන් හෙරොයින් අඹුසැමි යුවළක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර.එම තොරතුරු අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින රැඳවියකු සිය 18 හැවිරිදි දියණිය හරහා සිදුකරන බවට අනාවරණය වීමෙන් අනතුරුව ඇයව ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගහහේන පොලීසිය ආරම්භ කර තිබේ.