පොලිතින් ආහාර දවටන ආයතන 3කට එරෙහිව පියවර
නීති විරෝධී ලෙස පොලිතින් ආහාර දවටන නිෂ්පාදනය කරන ආයතන 3කට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පොලිතින් ආහාර දවටන අලෙවි කළ තොග අලෙවි සැල් තුනකට එරෙහිව ද නීතිමය පියවර ගත් බව එහි විමර්ශන අධ්යක්ෂ එන්.එස්. ගමගේ මහතා ප්‍රකාශ කරයි.
මේ මස මුල සිට වැටලීම් දීප ව්‍යාප්තව නැවත ආරම්භ කළ බව ද ඔහු සඳහන් කළේ ය.
