පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයා හදිසියේ අසනීප වී මියයයි
පූගොඩ පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයෙකු හදිසියේම අසනීපවී රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ පසුගිය 11වැනිදා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 21ක් වන එම තරුණයා අසනීපවීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගිය බවයි.
මියගිය එම තරුණයා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග අනුව ජ්යෙෂ්ඨ් පොලිස් අධිකාරිවරයෙක් යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙහිදී පොලිස් ස්ථානාධිපති හෝ නිලධාරීන් අනිසි ලෙස කටයුුතු කර ඇත්නම් විනය ක්රියාමාර්ග හා අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
