පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයි
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 06දෙනෙකු ඊයේ (19) දිනයේ හඳුනා ගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සඳහන් කරනවා.
මේ අනුව හඳුනාගත් කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 839ක් දක්වා ඉහලගොස් තිබේ. ඉන් නිලධාරීන් 204ක් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වේ.
මේ අතර මරදාන පොලීස් ස්ථානයේ තනිකඩ භට නිවාස සංකීර්ණයේ සිටි පොලිස් නිලධාරීන් 500කගේ පමණ PCR පරීක්ෂණ අද (20) සිදුකර තිබේ.
තවද ඊයේ දිනයේ වැලිකඩ සහ පැරණි බෝගම්බර බන්ධනාගාර වලින් හඳුනාගත් ආසාදිතයන් දෙදෙනාද සමග බන්ධනාගාර අශ්‍රිතව හඳුනාගත් ආසාදිතයන් 534ක් දක්වා ඉහළ ගොස් තිබේ.
