පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතයි
පොලිස් නිල සුනඛ වෙන්දේසිය නතර කිරීමට තීරණය කර තිබේ.
පසුගියදා මහනුවර පැවති පොලිස් නිල සුනඛ වෙන්දේසිය සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහකට ලක් විය.එහිදි ඊට දැඩි විරෝධයක් එල්ල විය.
එම නිල සුනඛ වෙන්දේසියේ දී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි විය.
මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත උපදෙස් ලබාදී තිබේ.
