News

පොලිස් හදිසි ඇමැතුම් අංශයේ 25කට කොවිඩ්

කොළඹ පොලිස් හදිසි ඇමැතුම් අංශයේ විසිපස්දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ (27 වැනිදා) වන විට වාර්තා වී ඇත.

මෙම ආසාදිතයන් පොලිස් හදිසි ඇමැතුම් කාර් රථවල සිටින නිලධාරීන් නොවන බවත් දුරකථන හා මෝටරෝල් යන්ත්‍ර ක්‍රියාකරවීමට හදිසි ඇමැතුම් අංශ මූලස්ථානයේ සිටි අය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

පොලිස් බැරක්කයේ සිටි කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියකු මාර්ගයෙන් මෙම නිලධාරීන්ට කොවිඩ් වැලඳී ඇතැයි හෙළි වී තිබේ.

තිස්ස රවින්ද්‍ර පෙරේරා