News

Update : රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවය විසුරුවා හැරීමට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් පොලිස් කැරළි මර්ධන ඒකකය විසින් එල්ල කර තිබෙනවා.

—————————————————————————————————————————————

කොටුව සහ ලෝටස් වටරවුම අතර මාර්ගය වසාදැමේ

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් කොටුව සහ ලෝටස් වටරවුම අතර ගාලු මුවදොර මාර්ගය වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය රියදුරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

—————————————————————————————————————————————

පොලිසිය සහ රැකියා විරහිත උපාධිධාරීන් අතර උණුසුම් තත්වයක්

කොළඹ කොටුව බැංකු මාවත අසල විරෝධතාවයක නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් හා පොලිසිය අතර මේ වන විට උණුසුම් තත්වයක් හට ගෙන ඇත.

මෙම විරෝධතාව පැවැත්වීමට හේතුව වන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පාලන අධිකාරිය විසින් හම්බන්තොට තරුණ තරුණියන් 2000කට අධික පිරිසක් පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පුහුණුව සඳහා බඳවා ගෙන ඇති නමුත් අදාළ පුද්ගලයින්ට නිවස සංවර්ධන අධිකාරිය විසින් රැකියා ලබා දෙන බවට පොරොන්දු දී තිබුනත් මේ වන තෙක් රැකියා නොලැබීම හේතුවෙනි.