උප පොලිස් පරීක්ෂකවරයෙක්ට කොවිඩ්
මහනුවර පොලිස් කොට්ඨාසය පූජාපිටිය පොලීසියේ ප්රජා පොලිස් ඒකකයේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මෝදර පොලිසියේ සේවය කොට ඇති එම උපපොලිස් පරීක්ෂකවරයා සේවා ස්ථාන මාරුවක් ලබා මීට දින කීපයකට උඩදී පූජාපිටිය පොලිසියට අනුයුක්ත කර ඇත.
පසුගිය 04 වැනි දින සිට ඔහු සිය නිවසේ නිරෝධායන වෙමින් සිට ඇති බව වාර්තා වේ.
කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරියා තෙල්දෙණිය කොවිඩ් ප්රතිකාර රෝහල වෙත ඊයේ (08)රාත්රියේ යොමු කර ඇති අතර උපපොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ හා පුතා කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුව පල්ලේමුල්ල ප්රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේම නිරෝධනයට ලක් කර තිබේ.
