News

පොලීසියට අල්ලස් දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කළුතර උතුර ප්‍රදේශයේ දී වල්ලපට්ටා තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මුදාගැනීම සඳහා අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

වල්ලපට්ටා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සමග සැකකරුවෙකු කළුතර, දියගම ප්‍රදේශයේ දී කළුතර උතුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි

ඔහු 25 හැවිරිදි කලවාන, ගල්කැටියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර උතුර පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු මුදාහැරීම සඳහා වෙනත් පුද්ගලයෙකු පොලිස් නිලධාරීන්ට රුපියල් 25,000 ක අල්ලසක් ලබාදීමට උත්සාහ දරා ඇති අතර එම පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු කළුතර දකුණ, ගාලු පාර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අද (15) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.