News

පොසොන් පොහොය දිනවල අනුරපුර වන්දනාවට ආ‍වේ 500යි

සෞඛ්‍යාරක්ෂිත පියවරක් ලෙස මෙවර පොසොන් උත්සවය නොපැවැත්වීම හේතුවෙන් අනුරාධපුර පූජා භූමියෙන් ඉවත් කරන කැළි කසළ ප්‍රමාණය ටොන් 175 සිට ටොන් එකහමාර දක්වා පහත වැටී ඇති බව අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයම්පති බණ්ඩාර ‘අරුණ’ කළ විමසීමකදී පැවැසීය.

සාමාන්‍ය සතියේ දිනයකදී පූජා භූමියෙන් කසළ ටොන් 5 කට ආසන්න සංඛ්‍යාවක් සහ සති අන්තයේදී කසළ ටොන් අටකට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කරන බවද​ හෙතම කියයි.

වෙනත් වර්ෂවල පොසොන් පොහෝ දිනවල අනුරාධපුර නගරයට දහස් සංඛ්‍යාත බැතිමතුන් පැමිණියද මෙවර පැමිණියේ 500 ක් වැනි ප්‍රමාණයකි.

එයින් ද අඩක් අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවන් බව මේ පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඩබ්.එම්.රුවන් විජේසිංහ සඳහන් කළේය.

ශිරන්තනි මානවඩු