නවතම ප්‍රවෘත්ති

පෝදා පව පල දෙයි

බිනර පොහොය වූ අද (24) මත් පැන් අලෙවි කල ජාවාරම්කරුවෙක් මත් පැන් බෝතල් තොගයක් සමග හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු හැටන් වැලිඔය වත්තේ තම නිවසේ මත් පැන් බෝතල් තොගය සගවාගෙන වැඩි මිලට අලෙවි කරන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත කල වැටලීමකින් සැකකරු සමග මෙරට නිෂ්පාදනය කරන ලද මත් පැන් බොතල් 16 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී මත්පැන් අලෙවි කල බවට මිට පෙරද අධිකරණයේ වැරදිකරු වී ඇති සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ජේ.එන් ජමිල් මහතා ප්‍රකාශ කළේය.