පෞද්ගලික රෝහලේ PCR කරපු සේවකයින් 3කට කෝවිඩ් හැදිලා
කොළඹ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක පී. සී. ආර් පරීක්ෂණ රසායනාගාරයේ සේවය කරන තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය හා අදාල රෝහල් බලධාරීන් මෙය වසන් කිරීමට උත්සහා දැරූ බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.
ලාබය පමණක් පදනම් කරගෙන සේවකයින්ගේ ජීවිත ගැන පවා නොතකා දරාගන්නට බැරිතරම් පරීක්ෂණ ප්‍රමාණයක් පෞද්ගලික අංශය භාර ගැනීම හා සෞඛ්‍ය බලධාරීන් ද තමන්ට ලැබෙන වාසි තකා ඊට ඉඩදී බලා සිටීම හමුවේ මේ වන විට රට තුළ අලුත් කෝරෝනා රැල්ලක් ඇති වී ඇති බවත් මෙම අලුත් රැල්ල දැනට පවතින රැලිවලම පොකුරක් බවට කිය ඇග බේරා නොගෙන මේ පිළිබද විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි.
ලංකාවේ මුල්ම වරට රසායනාගාර නිදර්ශක මගින් රෝගය ආසාධනය වීමේ අවදානමකට ලක් වී තිබීම මේ නවතම රැල්ල ලෙස ඔහු පෙන්වා දෙයි.
පෞද්ගලික අංශයට පී. සී. ආර්. පරීක්ෂණ කිරීමට ලබා දීමට ගත් තීරණය ගැන කුමුදේශ් මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට මෙම පරීක්ෂණ කිරීමට හැකියාව තිබියදී යම් කිසි නිලධාරියකු හෝ නිලධාරීන් පිරිසකගේ වුවමනාව මත පෞද්ගලික අංශයට මෙම පරීක්ෂණ කිරීමට ඉඩ දී ඇති බවයි. මේ තීරණය ගැන මුලින් ලැබුණු විරෝධය හමුවේ පෞද්ගලික අංශය මේක නොදෙන්නට තීරනය කර තිබුණත් අවසානයේදී ඒ තීරණය වෙනස් කර ඉතා රහිසගතව පෞද්ගලික අංශයට මෙය ලබා දී ඇති බවත් ඔහු කියයි.
බ්‍රැන්ඩික්ස් පොකුරට අදාල සියලු දෙනාගේ පී සී ආර්. පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කර ඇති අතර එම බොහෝ වර්තා වැරදි බවත් සෞඛ්‍ය අමාත්‍යංශය අදටත් එම වාර්ථා සම්බන්ධයෙන් වග නොකියන බවත් කුමුදේශ් මහතා පෙන්වා දෙයි.
පී.සී. ආර්. මගින් මුදල් ගරන ව්‍යාපරය ගැන රවී කුමුදේශ් මහතා කරන සම්පූර්ණ විග්‍රහය පහත වීඩියෝවෙන් බලන්න.
