බගවන්තලාවේ කොවිලක්ම නිරෝදායනයට
බගවන්තලාව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත. මොවුන් දෙදෙනා නිරෝදායනය වෙමින් සිට ඇති අතර පසුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇත.
සෞඛ්‍ය අංශ අංශ සඳහන් කරන්නේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සැමියකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු වන අතර ඔහුට මීට පෙර වෛරසය ආසාදනය වී ඇති බවයි.
එම ආසාදිතයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධානයට යොමුකර තිබිය ද සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තාවේ දී ආසාදිතයාගේ බිරිඳට සහ බිරිඳගේ නැගණියට මෙලෙස කොවිඩ් 19 වෛසරය වැළඳී ඇතැයි අනාවරණය වී ඇත.
වෛසරය ආසාදනය වු කාන්තාවන් දෙදෙනා බගවන්තලාව නගරයේ පිහිටි හින්දු කොවිලේ පුජාවකට සම්බන්ධවී ඇති අතර එබැවින් එම කෝවිලේ පුජකවරයා ද එම කාර්යය මණ්ඩලයේ 7 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමුකර ඇත.
එම කෝවිලේ පැවති පුජාවන් පිලිබඳ මේ වන විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
