බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.