බදුල්ලේ 16දෙනෙකුට කොවිඩ්
බදුල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් අද(29) වනවිට හමුවී ඇති බව වාර්තා වේ.
දියතලාවෙන් සිව්දෙනෙක්, බණ්ඩාරවෙලින් තිදෙනෙක්, හපුතලෙන් දෙදෙනෙක් සහ හාලිඇල (රොස්ට්වත්ත), පස්සර ( නගරය), ලුනුගල (සෝලන්ඩ්ස් වත්ත), ඌවපරණගම, වැලිමඩ, මහියංගණය (මකුල්ගොල්ල), ගිරාදුරුකෝට්ට (උල්හිටිය) යන ප්‍රදේශ වලින් එක්කෙනා බැගින් හත් දෙනෙකු වාර්තා වී ඇත.
ඔවුන් සියලු දෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් පොකුරෙන් අසාදිතයන් වී ඇතැයි හෙළිවී තිබේ .
