News

බන්ධනාගාරගත මන්ත්‍රීන්ට අයවැයට සහභාගි වීමට ඉඩ නැහැ

අගමැති මහින්ද රාජපක්ෂ හෙට (17දා) 2021 අයවැය කතාව සිදුකරන අවස්ථාවට සහභාගිවීමට දැනට බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරුන් තිදෙනාට අවස්ථාව ලබානොදීමට තීරණය ක​ර ඇත.

රිමාන්ඩ් භාරයේ පසුවන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්), රිෂාඩ් බදියුදීන් සහ සිර දඬුවම් විඳින ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) යන මන්ත්‍රීවරුන්ට මෙසේ පාර්ලිමේන්තු පැමිණීම වළක්වා ඇත්තේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසාය.

අජිත් අලහකෝන්