News

බන්ධනාගාරයේ සිද්ධිය රජය අපකීර්තියට පත්කරන්න කරපු වැඩක්

වර්තමාන රජය අපකීර්තියට පත්වන ආකාරයේ යම් යම් ක්‍රියාකාරකම් බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

එම අදිසි හස්තය ක්‍රියාත්මක කිරීමට අනුබල දෙන පුද්ගලයින් සෙවීමට අවශ්‍ය බවද අද (30) පාර්ලිමේන්තුවේදි අමාත්‍යවරිය පැවසීය.

වර්තමාන රජයේ ප්‍රතිපත්තිය විසින් මත්ද්‍රව්‍ය වැටලීම් වලට විශේෂ ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කිරීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් විශාල පිරිසක් අද වන විට බන්ධනාගාර ගත වී ඇති බවත්, බන්ධනාගර තුළ 11,000 ක් පමණ රඳවා ගැනීමේ හැකියාව මේ වන විට 32,000 ක් පමණ වැඩි වී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

විශාල වැඩපිළිවෙලක් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මකයි. කොරෝනා පාලනයට වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. බන්ධනාගාරය තුළින් පලායන උත්සහයක් තිබුණා.දැන් සියලු කටයුතු මර්දනය කළා. අවාසනාවන්ත ලෙස අටක් මිය ගියා. අපට අවශ්‍යයි කවුද මේකට අනුබල දෙන්නේ කියලා සෙවීමට අවශ්‍යයි. රහස් පොලීසියටත් අපි බාර දෙනවා යැයි ද අමාත්‍යවරිය පැවසීය.

එම හේතුව නිසා මේ වන විට බන්ධනාගාර තුළ විශාල තදබදයක් ඇති ව තිබෙන අතර කෝවිඩ් දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වූ වහාම බන්ධනාගාර තුළ රෝග ව්‍යාප්තිය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව යෙදවූ බව ද, පිටස්තර පුද්ගලයින් ඒ තුළට යාම වැලක්වීමට මෙන්ම බාහිරින් අහාර භාණ්ඩ රැගෙන ඒම වැලක්වීමට කටයුතු කළ බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේය.