බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි
සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සියලු බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.
බන්ධනාගාරය තුලට තහනම් භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.
ඉදිරියේදී බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමටද කටයුතු කරන බව කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
