News

බන්ධනාගාර කොවිඩ් පොකුර 3000 ඉක්මවා යයි

 

අද (14) දිනයේ බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් රෝගීන් 122ක් හඳුනා ගෙන ඇති අතර මේ අනුව බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් රෝගීන් ගණන 3,087 දක්වා ඉහල ගොස් තිබේ.

හඳුනාගත් ආසාදිතයන් 122දෙනා ම පිරිමි රැඳවියන් වන බවද වාර්තා වනවා.

එසේම මේ වන විට බන්ධනාගාර ගතකර සිටින පිරිමි රැඳවියන් 2,414 කට වෛරසය ආසාදනය වී ඇති අතර කාන්තා රැඳවියන් 189 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව 103ක්.