බන්ධනාගාර ගත වෙන්න නම් හිතන්න එපා
කොවිඩ් දෙවන රැල්ල තුළ මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගෙන ඇති කොවිඩ්-19 ආසාදිතයින් ගණන 682ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශ අධ්යක්ෂ (ප්‍රාථමික සත්කාර සහ බන්ධනාගාර සෞඛ්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සදහන් කළේ එම ආසාදිතයින් අතර, බන්ධනාගාර කාන්තා නිලධාරීන් 7දෙනෙකු සහ පිරිමි නිලධාරීන් 36දෙනෙකු ද වන බවයි.
එමෙන්ම පිරිමි රැදවියන් 403දෙනෙකුට සහ කාන්තා රැදවියෝ 155දෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව ඒ මහතා සදහන් කරයි.
මෙහිදී සමාජයට පණිවුඩයක් ලබාදෙමින් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මෙලෙස පැවසීය….
“තමන් කොයි වෙලාවකවත් බන්ධනාගාර ගතවන වැරැද්දක් කරන්න එපා. අඩුම ගානේ මුඛ ආවරණයක් පළදින්නේ නැතිව පාරේ ගිහිල්ලා බන්ධනාගාර ගත වෙන්න නම් හිතන්න එපා.
මොකද ඔබත් අනතුරේ වැටෙන්න පුළුවන් ඒ නිසා මේ අවස්ථාවේදී පුළුවන් තරම් නීතිය සහ රීතිය ජනතාව පිළිපදින්න කියලා ඉල්ලනවා.”
