බස්නාහිරෙන් පිටව යන ස්ථාන 11ක රැපිඩ් ඇන්ජිටන් පරීක්ෂණ
හෙට (23) දිනයේ සිට බස්නාහිර පළාතෙන් පිටව යන ස්ථාන 11ක රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ අනුව මෙතෙක් ස්ථාන 4ක සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ ස්ථාන 11ක් දක්වා වැඩි කිරීමට කටයුතු කර ඇත.
ඊට අමතරව අධිවේගී මාර්ගයෙත් රැපිඩ් ඇන්ටිජින් පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙහි අරමුණ වන්නේ යම් කිසි ආකාරයකින් ආසාදිතයින් හදුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම මෙන්ම අනුපොකුරු නිර්මාණයවීම වැළැක්වීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
