News

බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර නෑ

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ බස්නාහිර පළාතට ඇතුළුවන සෑම ස්ථානයකම විශේෂ පොලිස් මාර්ග බාධක යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලයේදී අත්‍යවශ්‍ය රාජකාරි කටයුතුවල නිරත වන පිරිස් හැරුණු විට වෙනත් කිසිදු අයකුට බස්නාහිර පළාතට ඇතුළුවීමට හෝ පිටවීමට අවසරයක් නොලැබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

අත්‍යවශ්‍ය රාජකාරි ලෙස සෞඛ්‍ය, ජලය, විදුලිය, සන්නිවේදන, මාධ්‍ය, ඖෂධ, වරාය හා ගුවන් තොටුපොළ ආදී කටයුතු නම්කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ඉෂාර රත්නකාර