News

බස්නාහිර විශේෂ වැටලීම් වලින් 364ක් අත්අඩංගුවට

බස්නාහිර පළාත තුළ සිදු කළ විශේෂ වැටලිම් වලදි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 364 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(20) පෙරවරු 6 සිට අද පෙරවරු 5.30 දක්වා කාලය තුළ මෙම වැටලිම් සිදු කළ බවයි බස්නාහිර පළාත් උතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

එහිදී හෙරෝයින් සම්බන්ධයෙන් සැකකරුවන් 168 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර මුඛ ආවරණ නොමැතිව පුද්ගලයින් 1708කට අවවාද කර තිබේ.