බස්නාහිර හුදෙකලා කරන්නැයි ම.සෞ. පරීක්ෂකවරුන් ඉල්ලයි
ලබන ජනවාරි 1 වැනි දින දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් ඉල්ලා සිටින්නේ නත්තල් උත්සවය සහ නව වසර උදාවත් සමග සැමරීම් සදහා ජනතාව සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බවයි.
මේ හේතුවෙන් කොවිඩ්-19 වෛරසය තවදුටත් පුළුල්ව ව්‍යාප්ත විය හැකි බවට ඔවුන් අනතුරු අගවයි.
බස්නාහිර පළාතට අමතරව සෙසු දිස්ත්‍රික්ක සදහා ද සංවරණ සීමා පනවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
