බස් මගීන්ට අලුත් App එකක්
මගී ප්‍රවාහනය සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා “BAD BUS” නමින් ජංගම දුරකථන යෙදවුමක් එළි දැක්වීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතුකර තිබේ.
රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) එම අමාත්‍යාංශයේදී පැවති මෙය එළි දක්වා ඇත.
ලංගම හා පෞද්ගලික බස් රථ, මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයට සම්බන්ධ ස්ථාන වලදී ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳ පැමිණිලි කිරීම සඳහා BAD BUS නමින් මෙම ජංගම දුරකථන යෙදවුම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය විසින් එළි දක්වා තිබේ.
මගීන්ට පමණක් නොව බස් රථ හිමියන්ටද තමන් මුහුණ දෙන ගැටලු මේ හරහා ඉදිරිපත් කිරීමට හැකියාවක් ඇත.
