News

බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ වෙළදුන් 20 දෙනෙක් මාට්ටු

බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙක් නිතියේ රැහැනට කොටුවෙයි. බාල වයස්කරුවන්ට දුම් වැටි අලෙවි කල වෙළදුන් 20 දෙනෙකු නිතියේ රැහැනට කොටු කර ගැනිමට හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් ඊයේ (04) සමත් වි ඇත.

බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කරන බවට සුරාබදු නිලධාරින්ට ලද තොරතුරක් මත නොර්වුඩ්, බගන්තලාව, කැම්පියන් යන නගර වල උපාය දුතයෙකු යොදා ගනිමින් මෙම වැටලිම සිදු කල බවයි සුරාබදු කාර්යයාලයේ නිලධාරින් කියා සිටියේ.

නිතියෝ රැහැනට කොටු කරගත් වෙළදදුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව මෙම වැටලිම සිදු කල හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ