News

බිඳවැටුනු විදුලිය නිසා ජල සැපයුමට බාධා

 

මේ වන විට දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම හේතුවෙන් ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ .

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විදුලිජනන යන්ත්‍ර නොමැති ජල පොම්පාගාරවලින් ජලය සැපයීමේදී බාධා එල්ල වී ඇති බවයි .

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමෙන් පසු ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පැය 3ත් 5ත් අතර කාලයක් ගත වනු ඇති බව පැවසේ .

මේ නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දී තිබේ.