බියගම 285කට කොවිඩ්
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා ආසාදනය වූවන් 285 දෙනකු පමණ වාර්තා වී ඇත.
පෙරේදා දිනයේ ද( 14 වැනිදා) කොරෝනා ආසාදිතයන් පස් දෙනකු වාර්තා වූ අතර ඔවුන් වරාය, වෙළෙඳ කලාපය හා රෝහල්වලින් වාර්තා විය.
තවද මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතයින් 50 දෙනකු පමණ සුව වී තම නිවෙස් වෙත පැමිණ ඇතැයි පැවසේ.
මේ අතර සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට පුද්ගලයින් 1600 දෙනකු පමණ යොමු කර තිබෙන අතර දැනට නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කළ 350 දෙනකු පමණ සාර්ථකව ස්වයං නිරෝධායනය අවසන් කළහ.
ඉසුරු අසංක – සපුගස්කන්ද / තෙවිදු දිනයන – දෙල්ගොඩ / එම්.ටී.එම්. හනපි – මල්වාන
