News

බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට විශේෂ බලපත්‍රයක්

බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට විශේෂ බලපත්‍රයක්

බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමන්ගේ කර්මාන්තයට අවශ්‍ය පාම් ඔයිල් ගෙන්වා ගැනීම සඳහා ඕනෑම කෙනෙකුට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කල හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.