බූස්ස නිරෝධන මධ්‍යස්ථානයේ සිටි 10ක් නිවෙස් වෙත
බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අද (21) පිටත්ව ගියේය.
නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්‍ෂණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 10 දෙනෙකු මෙලෙස බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලද අතර මෙම පුද්ගලයින් සියළු දෙනාම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට සහතිකපත් ලබා දීමටත් කටයුතු කල බව නාවික හමුදාව කියයි.
මේ වන විට බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුලින් කණ්ඩායම් 22 ක් වශයෙන් පුද්ගලයින් 168 ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර තවදුරටත් ශ්‍රී ලාංකික පුද්ගලයින් 84 ක් නිරෝධායනය වෙමින් සිටින බවත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ජයකාන්ත ද සිල්වා
