News

බූස්ස බන්ධනාගාරයට හෙරොයින් රැගෙන යාමට තැත්කල රැදවියෙකු අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරය තුළට හෙරොයින් සහ දුම්කොළ රැගෙන යාමට තැත්කල රැදවියෙකු පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස බන්ධනාගාර කදවුරේ නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්ව සිටින ගාල්ල බන්ධනාගාරයේ සිට බූස්සට මාරුකොට එවූ රැදවියකු බවට කරුණු අනාවරණය වී ඇත.

සැකකාර රැදවියාගේ මුව තුළ සගවාගෙන තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 30 හා ගුද මාර්ගයේ සගවාගෙන තිබූ දුම්කොළ කැබලි රැසක්ද සොයාගැනීමට හැකිව තිබේ.

හේමන්ත ලියනපතිරණ