News

බෙලිහුල් ඔයේ දියේ ගිලී සිසුන් තුනක් මරුට

බලංගොඩ බෙලිහුල් ඔයෙහි පහන්කුඩා වල ප්‍රදේශයේ දිය නෑමට ගිය සිසුන් තිදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලංගොඩ පොලීසිය පැවසුවේ අද උදෑසන 10.30ට පමණ සරසවි සිසුන් පිරිසක් දියනෑමට ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු දියේ ගිලෙමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සබරගමුව විශ්ව විද්‍යාලයේ 03 වන වසරේ ඉගෙනුම ලබන සිසුන් බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.

බලංගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.