News

බේරුවල ධීවර වරාය ආශ්‍රිතව පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකරයි

බේරුවල ධීවර වරාය ආශ්‍රිතව පුද්ගලයින් 750දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට තීරණය කර තිබේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ අද උදෑසන සිට පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන බවයි.

බේරුවල ධීවර වරායෙන් කොවිඩ්-19 ආසාදිතයින් වාර්තාවීමත් සමග එම තීරණයට එළඹි බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.

කොවිඩ්-19 ආසාදිතයින් 20දෙනෙකු හදුනාගැනීමත් සමග අද උදෑසන සිට බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා තිබේ.