News

බොරැල්ල පොලිසියේ OICඇතුළු 40ක් නිරෝධනයට

බොරැල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 40 දෙනකු නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ.

එම නිලධාරීන් පිරිස කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .
මේ වන විට බොරැල්ල පොලිසියේ නිලධාරීන් 71 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.