News

බෝගම්බර ප්‍රධාන ජේලර්වරයාට කොවිඩ්

බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථනයේ ප්‍රධාන ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනෙකුට කොවිඩ්- 19 වෛරසය ආසාදනය වී තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ ජේලර්වරයාට සහ රැඳවූවන් 26 දෙනෙකුට පී.සී.ආර් පරීක්ෂණ මගින් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව බව තහවුරු වීමත් සමඟ ප්‍රධාන ජේලර්වරයා තෙල්දෙණිය විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත අද (02) යොමුකර තිබෙන බවත් රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

මේ සම්බන්දව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පවසන්නේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහා සිටි රැඳවූවන් 182 නෙකුට පමණද නිලධාරීන් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවය.

අද (02) පෙරවරුව වන විට මධ්‍යම පළාතින් වාර්තා වී තිබූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 501 ක් බව පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසන අතර එය මහනුවර දිස්ත්‍රික්කයෙන් 303 ක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 146 ක් සහ මාතලෙ දිස්ත්‍රික්කයෙන් 52 ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවැසිය.

පෙරේදා දිනය තුළ මහනුවරින් 09 ක් හා නුවරඑළියෙන් 08 ක් ලෙස නව ආසාදිතයින් වාර්තා වූවත් මාතලෙන් කිසිදු නව ආසාදිතයෙකු වාර්තා නොවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසිය.

භාරත මෙන්ඩිස්