බෝගම්බර 7කට කොරෝනා
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධනයට යොමු කර සිටි රැදවියන් 7දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිත රැඳවියන් හත්දෙනාම වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර බලධාරීන් පවසයි.
ආසාදිත රැඳවියන් 7දෙනාම පිරිමි රැදවියන් වන අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ සීමිත වීමත් සමඟ පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියන් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී තිබේ.
