News

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට මහ බැංකුව තීරණය කරයි

රුපියල් මිලියන 30ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ලබන සදුදා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසිය සිදු කිරීමට නියමිතයි.

සියයට 07ක උපරිම පොලී අනුපාතිකයක් යටතේ දින 91, දින 182, දින 364 වශයෙන් කල් පිරෙන පරිදි බිල්පත් නිකුත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවි කරුවන්ගෙන් ලංසු කැඳවනු ලබයි.